හම්බන්තොටදී පහර දුන් මැරයන් තාමත් අත්අඩංගුවට ගෙන නෑ - මහින්දගෙන් චෝදනා

හම්බන්තොට සිද්ධියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ මැරයන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රා...

හම්බන්තොට සිද්ධියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කළ මැරයන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

මෙම මැරයන් වැඩි දෙනෙක්‌ එජාපයට හිතවත් උදවිය බව ද, ඔවුන් කොළඹින් පැමිණි අය බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය. හම්බන්තොට කලබලය හටගත් මොහොතේ උපකාරක පන්ති ගිය සිසුන් පවා අත්අඩංගුවට ගෙන තිබූ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා පොලිසිය සාධාරණව පරීක්‍ෂණ කටයුතු සිදුකළ යුතු බව ද අවධාරණය කළේය.

මේ පිළිබඳව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ හම්බන්තොට ප්‍රහාරවලට සම්බන්ධ වූවන් අහවල් පක්‍ෂයේ යෑයි කියා වර්ග කිරීමට නොහැකි බවයි.

එම ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් කවුදැයි හඳුනාගෙන පොලිසියට පැමිණිලි කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5093296938305735915

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item