ආණ්ඩුව ගැන චම්පික කළකිරීමෙන් - මෙගාපොලිස් සැලැසුම වැටඋඩ

මේ රජයට ලැබුණු ඡන්දවලින් 40% ක් ලැබුණේ කොළඹින්, ගම්පහින්, කලුතරින් බවත් අවාසනාවකට මේ රජයේ ප්‍රාග්ධන මුදලින් අඩුම මුදල වියදම් කරලා තිබෙන...

මේ රජයට ලැබුණු ඡන්දවලින් 40% ක් ලැබුණේ කොළඹින්, ගම්පහින්, කලුතරින් බවත් අවාසනාවකට මේ රජයේ ප්‍රාග්ධන මුදලින් අඩුම මුදල වියදම් කරලා තිබෙන්නේ බස්නාහිරට බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ වේරැස්ගග වැසිජලය අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ලද සූරියමල් මාවත, අඹගහවත්ත නව පාලම් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම මේ රජයටත් කියන්න කැමතියි, විශේෂයෙන්ම බස්නාහිර පළාත ගැන උනන්දුවන්න කියලා. කොළඹින්, ගම්පහින්, කලුතරින් තමයි මේ රජයට ලැබුණු ඡන්දවලින් 40% ක් ලැබී තිබුණේ. අවාසනාවකට මේ රජයේ ප‍්‍රාග්ධන මුදලින් අඩුම මුදල වියදම් කරලා තිබෙන්නේ බස්නාහිරට. එනිසා බස්නාහිර නාගරික සංවර්ධනයට මුදල් යොදවන්න කටයුතු කරන්න කියලා මම කාරුණිකව කියනවා. මේ නගරවල ජනතාවට වියදම්කරන සෑම සතයක්ම ප්‍රයෝජනවත්. හම්බන්තොට කැලෑවල්වල පාරවල් හදනවට වඩා රත්තනපිටියේ මේ ඇලමාර්ගය හදන එක රටේ ආර්ථිකයට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.“ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

“බස්නාහිර මහානගර අධිකාරිය නීත්‍යානුකූලව පිහිටලා නැති උනත් අපි වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ගෙන ගියා, එසේම බේරේ වැව වටේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අපි ආරම්භ කලා. තාක්ෂණ නගරයේ වැඩත් ආරම්භ කළා. එලෙසම මේ වසරේ අපි වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ සේවා නගරයේ වැඩකටයුතුත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලූම රාජ්‍ය ආයතනවල කසල පරිහරණ පිළිබඳ යෝජනා විමර්ශනය කරලා ලබාදීලා තිබෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබුණත් නොලැබුණත් අපෙන් විය යුතු යුතුකම් අපි මැනවින් ඉටු කර තිබෙනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේවෙතත් බස්නාහිර පළාත සංවර්ධනය කිරීමේ ‘බස්නාහිර මහ නගර සැලැස්ම‘ ක්‍රියාත්මක වන්නේද පාඨලී චම්පික රණවක මහතා අමාත්‍යධූරය දරන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

අමාත්‍යවරයා සඳහන් කරන පරිදි රජයේ ප්‍රාග්ධන මුදලින් අඩුම මුදල වියදම් කර ඇත්තේ බස්නාහිර පළාතට නම් එම අමාත්‍යාංශයේ මහා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා එල්ලවීමට වැඩි ඉඩකඩක් පවතී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7923967851355675580

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item