හම්බන්තොට වරාය ඉතාම වැදගත් - අනුමැතිය නැතිව කිසිකෙනෙකුට ගිවිසුම් ගහන්න බෑ

ගිවිසුම් අත්සන් කිරීමේදී තම ආයතනවලට වැඩි වාසියක් අත්වන පරිදි එය සිදුකිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවස...

ගිවිසුම් අත්සන් කිරීමේදී තම ආයතනවලට වැඩි වාසියක් අත්වන පරිදි එය සිදුකිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. 

එතුමා මේ බව පැවසූයේ මහපොළ අභ්‍යාස ආයතනයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ සේවකයින්ගේ ශක්තියෙන් ගොඩනැගුණු වරාය අගතියට පත්කිරීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග,

“වරාය ගැන කතා කරන්න බොහෝදෙනෙක් ඉන්නවා. විපක්ෂයේ අය වෙනම කතා කරනවා, ආණ්ඩුවේ අයත් කතා කරනවා. මමත් අමාත්‍යවරයා විදියට වරායට සාධාරණ වන ගිවිසුම් වලට එන්න උත්සාහ ගන්නවා. මගේ නියෝජ්‍ය ඇමතිවරයා සහ මම කවදාවත් වරායට අගතියක් වෙන කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට ණය බරත් එක්ක විශාල ප්‍ර‍ශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. නමුත් මම අදත් කියනවා හම්බන්තොට වරාය හදපු ස්ථානය ඉතාම වැදගත්.

අපිට හම්බන්තොට වරායේ ණය ප්‍රමාණයේ බර අඩු වුණොත් නැගෙනහිර පර්යන්තයට ආයෝජකයෙක් ගැන හිතන්නත් පුළුවන්. නැගෙනහිර පර්යන්තය අපිටම කරන්න පුළුවන්ද කියන එකත් දැනට අපි සාකච්ඡා කරගෙන යනවා. මොකද ණය ගැනීමේදී අපි විශාල ප්‍ර‍ශ්න ප්‍ර‍මාණයකට මුහුණ දෙනවා. හම්බන්තොට ණය සහ පොලිය අපි ගෙවන්නේ කොළඹ වරායෙන් ලබන ලාභයෙන්. අපිට ඒ ගෙවීමට ඇති මුදල නැති වනවා නම්, අපිට හැකිවෙයි අඩු පොළියකට ණයක් ගන්න. එහෙම වුණොත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතට වැඩි ප්‍රමාණයක් ලබාගෙන වෙනස් ක්‍ර‍මයකට ඉදිරියට ගෙනයන්නත් පුළුවන්. සේවක ජනතාව රැකගත් වරාය අපි ඇවිල්ලා වෙන කාටවත් දීල යන්න ආව ගමනක් නෙවෙයි මේ......” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1585270405425530359

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item