නව සීමා නීර්ණයෙන් උතුරේ සිංහල ගම්මානවලට ලොකු අසාධාරනයක් - ජනතාව පාරට බසිති
නව සීමා නිර්නය කිරීම් තුලින් වව්නියාව බෝගස්වැව ඇතුලු ගම්මාන කිහිපයක වැසියන්ගේ ඡන්ද අයිතියට දැඩි අසාධාරණයක් වන බව පවසමින් ඊයේ (18) වව්නියාව ...

https://www.sathhanda.com/2017/01/blog-post_691.html
උතුර රකින රට සුරකින වන්නි බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර වව්නියාව කැලෑබෝගස්වැව එක, කැලෑබෝගස්වැවදෙක , නන්දිමිත්‍රගම ,නාමල්ගම , සැලලිහිණිගම හා වෙහෙරතැන්න ගම්මානයන්හි නැවත පදිංචි වැසියන් මෙසේ විරෝධතාවයේ නිරතව සිටියහ.
මෙසේ විරෝධතාවයේ නිරත වූ වැසියන් කියා සිටියේ නව සීමා නිරණය කිරීම් තුලින් වව්නියාවේ යැයි කියා නැවත පදිංචි වූ 5000 කට ආසන්න පවුල් ප්‍රමාණයක් වවුනියාවටත් පදවිය ,කැබිතිගොල්ලෑව හා මුලතිව් යන දිස්ත්‍රීක්ක වලට අයිති වන අතරම වව්නියාවට අයිති වන්නේ ඉතාම සුලු පවුල් ප්‍රමාණයක් වීමත් තම ගම්මාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ පහකට වෙන් කිරීම දැඩි අසාධාරණයක් බවටත් අදාල ගම්මාන පහේම සියලුම පවුල් වව්නියාව දිස්ත්‍රීක්කයට ඇතුල් කර දෙන ලෙසට ඉල්ලමිනි.
එමෙන්ම විවිධ දිස්ත්‍රීක්කයන්ට තම ගම්මාන වලින් තැනින් තැන අයිති වීමෙන් ජනතාව අතරද විවිධ වූ ගැටුම් ඇති වන අතරම ඉන් සංහිදියාවටද බලපෑමක් වන හෙයින් තමන්ට ඡන්ද පදනමක් ගොඩනැගීමට හැකි අයුරින් සාධාරණයක් ඉටුකර දෙන මෙන් එම වැසියන් වැඩි දුරටත් විරෝධය පල කරමින් ඉල්ලා සිටියහ.
විරෝධතාවය අවසානයේ එම වැසියන් වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාරට ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් බාරදුන් අතර අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සීමා නිර්ණය කමිටු දැනුවත් කරන බවට දිසාපතිවරයා විසින් දැනුම් දෙන ලදි.
Related