සමලිංගික විවාහ යෝජනාවෙන් කැබිනෙට්ටුව රත්වෙයි

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා කොමිසම මගින් ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබුණ බවට පසුගිය දිනවල වාර්තා පළවුණ නමුත් එම සහනය ලබාදීමේදී  මානව හිමි...

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා කොමිසම මගින් ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබුණ බවට පසුගිය දිනවල වාර්තා පළවුණ නමුත් එම සහනය ලබාදීමේදී  මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මකට අදාළව කොන්දේසි කිහිපයක් ඇතුළත්ව ඇති බව ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණයවී තිබේ.

සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාව හේතුවෙන් ඊයේ (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. දේශපාලන ආරංචිමාර්ග කියාසිටියේ අමාත්‍යවරුන් රැසක් අදාළ යෝජනාවට විරෝධය පළ කර ඇති බවයි.  

මානව හිමිකම් පිළිබද කි‍්‍රයාකාරී සැලැස්මට අනුව අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්. කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත්විමත් සමග එහි ඇතුළත් වගන්ති ගණනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් රැසක් විරෝධය පළ කර තිබෙනවා. 

ඒ අනුව එම සැලැස්මේ සදහන් සමලිංගික සේවනය වරදක් නොවන බවට වන වගන්තිය ඇතුළු මෙරට සංස්කෘතියට හානිකර සියලූ වගන්ති ඉන් ඉවත් කර අදාළ කි‍්‍රයාකාරී සැලැස්ම යළි සකස් කිරීමට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1325744064170194617

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item