සහල් මාෆියාව පිටුපස ජනාධිපති

අද රටේ පවතින්නේ සහල් මාෆියාවක්. මේවනවිට සහල් වෙළදපොල කරවන්නේ ජනාධිලතිවරයාගේ සොහොයුරා ඇතුලු අතලොස්සක්. එසේ එක් පුද්ගලයෙකුට මෙවැනි කලහැකි...

අද රටේ පවතින්නේ සහල් මාෆියාවක්. මේවනවිට සහල් වෙළදපොල කරවන්නේ ජනාධිලතිවරයාගේ සොහොයුරා ඇතුලු අතලොස්සක්. එසේ එක් පුද්ගලයෙකුට මෙවැනි කලහැකි නම් රජයක් කුමකටදැයි ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්ණයක්.බැදුම්කර වංචාවට කොටුවී සිටින අගමැතිවරයා මෙයට නිහඩයි. මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. ගොවිජනතාව මහ මගට බහින කාලය වැඩි ඈතක නැතැයි සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ සභාපති සහ පළාත් සභා මංත්‍රි නාමල් කරුණාරත්න පැවසීය.

හෙතෙම මෙසේ පැවසුවේ මධ්‍ය සහ කුඩා පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයෙහි මෙහෙයවීමෙන් දඹුල්ල සියපත හෝටල් සංකීර්ණයෙහි පැවති මාධ්‍ය හමුවකදීය.මෙහිදි සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සදහන් කලේය.වීඅලෙවි මංඩලය අද වනවිට හොර ගුහාවක්වෙලා. එම ගබඩාවලින් වී දෙන්නේ හැරිසන් ඇමතිවරයා තෝරාගත් පිරිසකට පමණයි.ඔහු කියන්නේ කැබිනට් අනුමැතිය යටතේ රජයේ ගබඩාවලින් වී නිකුත්කරන බවයි. නමුත් දැනට සත්ව ආහාර නිෂ්පාදනයන් සදහාද මෙම ගබඩාවලින් වී ලබාදී තිබෙනවා. එසේ ලබාදී ඇත්තේ වී කිලෝව රුපියල් විසිඅටට (රු.28/=). ඇතමුන් මෙසේ රුපියල් විසිඅටට ලබාගත් වී රුපියල් පනස්තුන (රු.53/=) බැගින් විකුණලා.මෙයින් දැනටමත් රජයට රුපියල් කෝටි 290 ක් පාඩුවෙලා.

ඇතැම් වීමෝල් වලට රජයේ ගබඩාවලින් වී නිකුත්කර ඇති නමුත් ඒවායේ මැෂින්වත් සවිකරලා නෑ. මොවුන් අළුත් වී පවා සත්ව ආහාර සදහා විකුණනවා.මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. මෙම තත්වය මර්ධනයකල නොහැක්කේ ඒ නිසයි. වී අලෙවි මංඩලය විසින් මිළට ගෙන ඇති වී වසර දෙකක් ගබඩාවල තබාගත හැකියි. එසේ තිබියදි මේ ආකාරයෙන් වී තොග සත්ව ආහාර සදහා විකුණන්නේ ඇයි? මේ මගින් විශාල කොමිස් ගැහිල්ලක් සිදුවනවා. මෙම වංචාව පිටුපස කැබිනටි මං ලයේ බොහෝ අයද සිටිනවා.

එදා රාජපක්ෂ පාලන සමයේද සහල් මාෆියාව පවත්වාගන ගියා. එසේ සිදුකලෙත් අද සිටින පිරිසමයි.එබැවින් මෙම තත්වය කිසිදු පාලකයෙකු විසින් මර්ධනය කරන්නේ නෑ. හැරිසන් ඇමතිවරයා එදා මට පැවසුවා කුරුණෑගල සහ රත්නපුර පෙදෙස්වල වී ගැණුම්කරුවන් දෙදෙනෙකුගේ අයදුම්පත් අවලංගුකල බව. නමුත් මේගැන පසුව බලන විට දෙවන ලැයිස්තුවේ ඔවුන්ගේ නම් තිබුනා. මෙවැනි වංචාකරන්නේ ඇයිද යන්න මහත් ගැටළුවක්. මෙම ක්‍රියාවන්ගෙන් පැහැදිලිවන එක් දෙයක් තිබෙනවා. එනම් වී අලෙවි මංඩලයේ ඉහළ නිලධාරින්ට මෙන්ම හැරිසන් ඇමතිවරයාටද කොමිස් මුදලක් යන බව. පසුගිය රජය මෙන් මේ රජයත් බාගන කෑමට පටන්ගන ඇති බව හොදහැටි පැහැදිලියි. පවතින මෙම තත්වය යටතේ වෙළදපොලේ සහල් මිළ ඉහළයාම සම්බන්ධයෙන්

ජනාධිපතිවරයා ඇතුලු ඇමති මංඩලයම වගකිට යුතුයැයි සභාපතිවරයා අවසාන වශයෙන් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4250929438445455750

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item