ඇමති රංජිත් මෛත්‍රීව ඉවත් කරයි - ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයත් විසුරුවයි
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්...

https://www.sathhanda.com/2017/01/blog-post_339.html
නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක පත් කර ඇති බවත් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2009 සිට 2016 දක්වා කාලයේ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් රජයේ ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලදි.
සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අඟුරු ගෙන්වීමේ දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මීට පෙර ජනපතිවරයාට දන්වා තිබිණි.
2016 දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අඟුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් එම ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය “ශුන්‍ය සහ බල රහිත“ බව නිගමනය කොට ඇත.
කෙසේ වෙතත් තමා පිළිතුරු ලබාදීමටත් ප්‍රථමයෙන්ම විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් තමා ඉවත් කළ බවට ලිපියක් එයා ඇතැයිද මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි.
එම ලිපිය පහතින්

Login
Related