මහින්ද තද තීරණයක - මහ ඇමති සාකච්චා එකඟතාවයකින් තොරව අවසන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර අද (22) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් අතර අද (22) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි.

ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ප‍්‍රසන්න රණතුංග, මහින්ද යාපා යන මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ප‍්‍රධාන අමාත්‍යවරුන් මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කරන ලෙසයි.

එහෙත් ඊට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එකඟතාවක් ලැබී නැහැ. 

තමන් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න කිසිවෙක් ලෑස්ති නැතැයිද පවසා ඇති හිටපු ජනපතිවරයා රට වනසන තීන්දුවලට අත් උස්සා පක්‍ෂයක් ගැන නොකරන ලෙසත් රට ගැන හිතන්නැයි නායකයන්ට කියනා ලෙසත් සදහන් කරද්දී මහ ඇමතිවරු කිසිත් තියා නැත.

සාකච්ඡාවෙන් පසු ප‍්‍රසන්න රණතුංග සහ බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

එහිදී ප්‍රසන්න රණතුංග සඳහන් කළේ “ඔවුන් පිළිගත්තා මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියයට අනූවකට වැඩි පිරිසක් ඉන්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව. ඒ නිසා එකතු වෙන්න ඕනේ කියන තැන ඉඳලා තමයි ඔවුන් සාකච්ඡා කළේ. එහෙත් අපි පැහැදිළිව කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග බැඳී ඉන්නකම් මේ ඒකරාශීවීමට එකඟ වෙන්න බැහැයි කියලා.” යනුවෙනි.

මේ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක් වූ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය සඳහන් කළේ “සාකච්ඡා කළා.. ඉතාම සතුටුයි. වාද විවාද වුණා. කණ්ඩායම් දෙක ඇතුලේ යම් යම් දේශපාලන මත ගැටුම් නිර්මාණය වෙලා තිබුණා. අපි හොඳ ආරම්භයක් ගත්තා. ඒ පැත්තෙන් ධනාත්මක පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා තරග කළොත් එක්සත් ජාතික පක්ෂයට සුම්මා තමයි.” යනුවෙනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2823202093915599686

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item