අද බැඳුම්කර විවාදය අවලංගු වන ලකුණු

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ කෝප් වාර්තාවට අදාළව අද (24 දා) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය අවලංගු වනු ඇතැයි පක...

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කළ කෝප් වාර්තාවට අදාළව අද (24 දා) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය අවලංගු වනු ඇතැයි පක්‍ෂ විපක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ ප්‍රකාශ කර තිබේ.

මීට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ බැඳුම්කර ගනුදෙනුව පිරික්‌සූ කෝප් වාර්තාව අභියෝගයට ලක්‌ කරමින් තිනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්‌ ගොනු කිරීමයි.

සාමාන්‍යයෙන් අධිකරණ කටයුත්තක්‌ පැවතියදී ඊට අදාළව පාර්ලිමේන්තුවේ විවාද කිරීම ස්‌ථාවර නියෝග මගින් අත්හිටුවා තිබේ. මේ නිසා අද පැවැත්වීමට නියමිත බැඳුම්කර විවාදය බොහෝ දුරට නොපැවැත්වෙනු ඇතැයිද එම මන්ත්‍රීවරු පවසති.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරික්‍ෂණ පැවැත්වූ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පසුගිය ඔක්‌තෝබර් 28 වැනිදා සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පක්‍ෂ නායකයන්ගේ එකඟතාවය මත එම වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වීම අදට (24 දා) නියම කෙරිණි. අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌වී මන්ත්‍රිSවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළව ඇමැතිවරුන් උත්තර දීමෙන් පසුව සභාව කල් තැබීමත් ඉන්පසු කල් තැබීමේ විවාදය ලෙස බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව විවාද කිරීමටත් නියමිතය.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් මෙම කල්තැබීමේ විවාදයට අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. න්‍යාය පත්‍රයට අනුව විවාදය අවසන් වන්නේ රාත්‍රි 7.30 ටය.

කෙසේ වෙතත් නඩු කටයුත්තක්‌ නිසා බැඳුම්කර ගනුදෙනුවට අදාළ විවාදය පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනුයේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්‌වීමෙන් අනතුරුවය.

නඩු කටයුත්තක්‌ නිසා විවාදය කල් තැබිය යුතු බව මේ වන විටත් ආණ්‌ඩු පාර්ශ්වයෙන් ඉල්ලීම් ලැබී ඇති අතර විපක්‍ෂය පවසන්නේ විවාදය පැවැත්විය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8815314226562758589

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item