රෆ්සන්ජානි ඉරාන ජනතා සෝසුසුම් මැද නික්ම යයි

ඉරානයේ හිටපු ජනාධිපති අක්බාර් හෂෙමි රෆ්සන්ජානි එරට ටෙහෙරාන් අගනගරයේදී දහස් ගණන් ජනතාවගේ සෝසුසුම් මැද අවසන් ගමන් ගියේය. වර්ෂ 1989 සිට...

ඉරානයේ හිටපු ජනාධිපති අක්බාර් හෂෙමි රෆ්සන්ජානි එරට ටෙහෙරාන් අගනගරයේදී දහස් ගණන් ජනතාවගේ සෝසුසුම් මැද අවසන් ගමන් ගියේය.

වර්ෂ 1989 සිට 1997 දක්වා කාලය එරට ජනාධිපති ධුරය හෙබවූ රෆ්සන්ජානි පසුගිය ඉරිදා දිනයේදී අභාවප්‍රාප්ත වී තිබුණේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසාය.

වර්ෂ 1979 දී ඉරාන විප්ලවයෙන් පසුව එරටට වඩාත් බලපෑමක් කළ චරිතය ලෙස කලඑළි දුටු ඔහු එකල පැවති දැඩි පාලනය හේතුවෙන් චෝදනාවන්ට ලක්වුවත්, පසුව එරට තුළ සිදුවූ ප්‍රතිසංස්කරණයන්ට සහාය දැක්වූ රාජ්‍ය නායකයෙකු විය.

රෆ්සන්ජානි ආදාහනය වෙනුවෙන් පැවති ආගමික වතාවත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් අලි ඛමේනිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. එමෙන්ම, වසර 60ක පමණ කාලයක් හිටපු ජනාධිපතිවරයා තමාගේ මිතුරෙකුව සිටි බවද හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

අඟහරුවාදා දිනයේ පැවති අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන බලාධිකාරිය මෙන්ම, හමුදා හා ආගමික නායකයන් රැසක් සහභාගී වූ අතර, ඉරාන ජනපති හස්සන් රොයුහානි හා විප්ලව හමුදාවේ අණදෙන නිලධාරී ඛසීම් සොලෙයිමනීද ඒ අතර වූහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 7993340637433632625

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item