අගමැතිට උපදෙස් දෙන්නේ එංගලන්තෙන්

ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට උපදෙස් දෙන්නේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශකවරයා බව පාර්...

ආණ්ඩුව පවත්වාගෙන යාමට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට උපදෙස් දෙන්නේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශකවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (23) කොළඹ පවතී මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉදිරි වසර තුන පාලනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ ඔහු මෑතකදීත් පැමිණ උපදෙස් දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මුල් වසර තුන තුළ රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා හැකිතරම් ජනතාව මත බදු ගැසීමට කටයුතු කරන ලෙසත්  හතර වන වසර වනවිට ජනතාවට සහන දෙමින් ආණ්ඩුව පවත්වාගෙන යන ලෙසත් පස් වන වසර වන විට මහින්ද රාජපක්ෂ ගත් ණය අවසන් එහෙයින් මනා   ආර්ථික කළමනාකරණයක්   කළ හැකි බව පවසා 2015 පොරොන්දු පත්‍රය නැවත සමාජයට ගෙනෙන ලෙසත්  එක්සත් රාජධානියෙන් අගමැතිවරයාට උපදෙස් ලැබී ඇති බවයි රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ. කුමන්ත්‍රණකාරී ලෙස ජනතාව රැවටීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව පැවසු මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලසිටියේ එම කුමන්ත්‍රණයන්ට හසු නොවන ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7967354147081711631

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item