අතුරුදන්වූවන් සොයාදෙන්නයි පොල් ගසයි

යුද්ධය අවසන් වී වසර 07ක් ගෙවුණද තම ඥාතීන් හා දරු මුණුබුරන් පිළිබඳව තොරතුරක් නොමැති හෙයිනුත් විටින්විට අවස්ථා රැසකදී විරෝධතා කර තමන්ට සාධාරණ...

යුද්ධය අවසන් වී වසර 07ක් ගෙවුණද තම ඥාතීන් හා දරු මුණුබුරන් පිළිබඳව තොරතුරක් නොමැති හෙයිනුත් විටින්විට අවස්ථා රැසකදී විරෝධතා කර තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද කිසිවෙකුගෙන් ඊට සාධාරණය ඉටු නොවීම හේතුවෙනුත් වවුනියාව අතුරුදන්වූවන්ගේ දෙමාපියන් හා ඥාතින් දෙවියන්ට පොල් ගසා අද (23දා) සිට වවුනියාව තැපල් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසවක් ආරම්භකර තිබේ.

සාධාරණ පිළිතුරක් ලැබෙන තෙක් උපවාසය අඛණ්ඩව සිදුකර ගෙන යන බවද උපවාසකරුවෝ කියා සිටියහ. විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාද ඒ අවස්ථාවට එක්ව සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6177728329084537600

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item