ජනපති තීරණාත්මක සාකච්ජාවක !

යහපාලන ආණ්ඩුවේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව ජනාධිපතිවරයා ඊයේ (31) ඔහුගේ සමීපතම දේශපාලන ක්‍රියාක...

යහපාලන ආණ්ඩුවේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව ජනාධිපතිවරයා ඊයේ (31) ඔහුගේ සමීපතම දේශපාලන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කැඳවා විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

ඊයේ දහවල් ඇරඹි එම සාකච්ජාව රාත්‍රී මැදියම් වනතුරුම පැවති බව වාර්තාවේ.

එම රහසිගත සාකච්ජාවේ තොරතුරු රහසිගතව තබා ගැනීමට එහිදී එකඟත්වයට පැමිණ ඇත.

කෙසේවුවද ලබන වසරේ මුහුණදීමට නියමිත ආර්ථික අර්බුදයන් හා ජාත්‍යන්තර වශයෙන් එල්ල විය හැකි අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිපයට හිතවත් ප්‍රබල නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද උපදෙස් ලබාගැනීමේ අවශ්‍යතාවය එම සාකච්ජාවට සහභාගී වූ පිරිස් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1960972184882318092

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item