හිටපු ඇමැති සරත් කුමාරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(2...

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(20) නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ නඩුව මීට පෙර අවස්ථා කිහිපයකදී විභාගයට ගැණුනු අතර එහිදී සරත් කුමාර ගුණරත්න වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කෙරුණු අතර ඒවා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8574613878122063343

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item