අර්ජුන් ආවාදැයි සහතික කර කියන්න බෑ
මුදල් අමාත්‍යාංශයට දෛනිකව විවිධාකාරයේ පුද්ගලයන් පැමිණෙන බැවින් පසුගිය කාලයෙදී අර්ජුන් මහේන්ද්‍රන් පැමිණියේදැයි සහතික කර පැවසිය නොහැකි බව මු...

https://www.sathhanda.com/2017/01/blog-post_345.html
මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු නොවන බව පැවසූ ලේකම්වරයා ඇමතිවරයාගේ කාමරයට කවුරුන් යනවාදැයි තමා නොදන්නා බවත්, අමාත්‍යාංශයේ රැස්වීම්වලට මහේන්ද්‍රන් මහතා සහභාගිවූයේදැයි ඇමතිවරයාගෙන් විමසා දැනගන්නා ලෙසත් පවසන ඔහු,
“මටනම් ඒ ගැන මුකුත් කියන්න බැහැ.කවුරු කොයි වෙලාවේ අමාත්‍යාංශයට එනවද කියලා දවසක් කියන්න බැහැ.විවිධ කටයුතු සඳහා ඇමතිතුමා ළඟට මිනිස්සු කොච්චර එනවද?ඒ ගැන මට සහතිකවෙලා කියන්න බැහැ.ඒක ඇමතිතුමාගෙන්ම සහතික කරගන්න.
නමුත් අපේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරු මොනවත් ඔහුට නැහැ.හැබැයි එයා යනවා,එනවා කියන එක මම දන්නෑ.ඇමතිතුමාගේ කාමරයට කවුරු යනවා එනවද කියලා මම දන්නෑ.ඔහුට තනතුරක් නැහැ කියලා අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.එදාම මම ඒක පැහැදිලි කළා.නමුත් එයා නෙවෙයි වෙන කවුරුහරි ආවත් ඇත්තටම මම දන්නෑ."
යයිද පැවසීය.
Related