"සීමා නිර්ණය වාර්තාවේ අත්සන් ගැටළුව ආණ්ඩුවේ උපක්‍රමයක්" – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට සාමාජිකයන් දෙදෙනෙකු අත්සන් නොතැබීම සහ ඒ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා අදාළ වාර්තාව භාර ගැනීම ප...

සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට සාමාජිකයන් දෙදෙනෙකු අත්සන් නොතැබීම සහ ඒ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා අදාළ වාර්තාව භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උවමනාව මත සිදු වුවක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

ඒ සඳහා ආණ්ඩුව ගන්නා විවිධ උපක‍්‍රම ජනතාවට පැහැදිලිව වටහාගත හැකි බවයි පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ.

එහි විධායක අධ්‍යයක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙම කමිටු වාර්තාවට අත්සන් නොකර සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි.

ජනාධිපතිවරයාට සහ අග‍්‍රාමාත්‍යවරයාට අවශ්‍යතාවක් ඇත්නම් මෙම ගැටළුව විසඳීමට මැදිහත් විය යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යයක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩි දුරටත් සඳහන් කළේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යයක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ මෙම උපක‍්‍රමය ඉහළ දේශපාලන නායකත්වයේ අනුදැනුම මත සිදු වන්නක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2113158090024646801

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item