ජනපති, ASPව කටාර්හි තානාපති කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කෝටිපති ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ කටාර් රාජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. ...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කෝටිපති ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ කටාර් රාජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහුට අදාළ පත්වීම ලබාදී ඇත්තේ ඉකුත් 31 වැනිදා බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් අප ලියනගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව සත්‍යබව කියා සිටි අතර මේ පත්වීම සිදුකරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවද පිළිගත්තේය.

කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු වන  ලියනගේ ලංකාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහු මීට පෙර නයිජීරියාවේ තානාපති ලෙසද කටයුතු කළ අතර නයිජිරියාවේ ශ්‍රී ලංකාවේ පළමු තානාපතිවරයා වන්නේද ලියනගේය. ලියනගේ වසරක කාලයක් නයිජීරියාවේ තානාපති ලෙස කටයුතු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1658901542015671746

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item