පොරොන්දු ඉටුකළේ නැහැ -'මෑන්පවර්' සේවකයෝ

'මෑන්පවර්' ආයතනයේ සේවකයන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්ථිර රැකියා ලබා දෙන බවට දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැති බව සමස්ත ලංකා වි...

'මෑන්පවර්' ආයතනයේ සේවකයන්ට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ස්ථිර රැකියා ලබා දෙන බවට දුන් පොරොන්දුව තවමත් ඉටුකර නොමැති බව සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමය පවසයි.

එම පිරිසට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිට අඛණ්ඩ විරෝධතාවක් පවත්වාගෙන යන බව සමස්ත ලංකා විදුලි සංදේශ සියලු සේවක සංගමයේ සභාපති නිමන්ත විජේසූරිය පැවසීය.

"දෙදහස් එකසීයක පමණ සේවක පිරිසක් මේ වනවිට 'මෑන්පවර්' හරහා ටෙලිකොම් ආයතනයට සේවය සපයනවා. ඒ සියලුදෙනාම ස්ථිර කරන්න කියල තමයි අපි ඉල්ලන්නේ. අඩු තරමින් දැනට ගෙවන වැටුපටවත් ඔවුන්ට පත්වීම් ලබාදෙන්න කියන එකයි අපේ ඉල්ලීම." යනුවෙන් ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5148033491165408469

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item