මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා, මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන තීරස්චීන ක්‍රියාවක් බව පෙන්වා දෙමින්, මිනිස් වෙළෙඳ...

මිනිස් වෙළෙඳාම් කළ තිදරු පියා වසර 12ක් සිරගෙට

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා, මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන තීරස්චීන ක්‍රියාවක් බව පෙන්වා දෙමින්, මිනිස් වෙළෙඳාම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි තිදරු පියකුට බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවම් අද (10) නියම කළේය.

විනිසුරුවරයා පැහැදිලි කළේ, දුප්පත්කම දඩම්මා කරගෙන ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බාල වයස්කාර දරුවන් වහල් භාවයට පත් කරමින් ශ්‍රමය සූරාකන මිනිස් වෙළෙඳාම් කිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන බවයි.

විදේශ ගතවී මාස දෙකක් ගත වීමටත් පෙර හාම්පුතුන්ගේ හිරිහැරයට ලක් වුවත්, ජීවිතය රැකගෙන යළි මෙරටට පැමිණීමේ වාසනාව ඇයට හිමි වූ බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එසේ නොවුවහොත්, අඩු වයසින් විදේශ ගතවී ජීවිතය පූජා කළ රිසානා දැරියට අත් වූ ඉරණමම මෙම දැරියට ද අත්වීමට බොහෝ දුරට ඉඩ තිබුණේ යැයි ඔහු පැහැදිලි කළේය.

විත්තිකරුට රුපියල් 25,000ක දඩයක්ද, මිනිස් වෙළෙඳාමට හසුවූ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා, දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් තවත් වසර 1 1/2ක සිරදඬුවමක්ද නියම කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7028374198071434125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item