චානුක රත්වත්තේ කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවකු වශයෙන් පෙනී සිට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන බව පවසා චානුක රත්වත්තේ විසින් අදාළ ...

චානුක රත්වත්තේ කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවකු වශයෙන් පෙනී සිට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන බව පවසා චානුක රත්වත්තේ විසින් අදාළ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පසුගියදා චෝදනා ගොනු වී තිබුණි.

සිය නීතීඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් චානුක රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ මැයි මස 08 වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට තමන්ට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසය.

එහිදී විත්තිකරු විදේශගත වීම සඳහා ඉදිරිපත් කරන කරුණු වල පරස්පරතාවයන් දක්නට තිබෙන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරිය ඔහු විදේශගත වන දිනය ඊට අදාළව දක්වා ඇති තොරතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසුවාය.

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරිය මෙහිදි පැවසුවාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1028175595748800697

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item