දේශබන්දුගේ රිට් පෙත්සමට 12 කරුණු දක්වන්න කියයි
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතු...

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇත. මෙම ඉල්ලීම අභියාචනාධිකරණය වෙත ගොනු කරන ලද ‘රිට් පෙත්සම’ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා 12 වැනි දා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ ‘ඩබ්ලිව් 15’ හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේදී සුදුවෑන් රථයකින් පැමිණී නාදුණන පිරසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදී. මෙම සිද්ධියේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මිය ගියේය. මෙම සිද්ධියට අදාළව පැවැත්වු මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම වරෙන්තුවට අනුව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමේ ආසන්න තත්ත්වයක් මතුවී ඇති හෙයින්, එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කළේය.
Related