පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා...

පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, "පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත් කර අවසන් කර ඇත. ඒ අනුව කොට්ඨාස 4,872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මෙම මැතිවරණය පැවැත්වේ. ඒ සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු ලියාපදිංචි වී සිටී" යනුවෙනි.

ඔහු තවදුරටත් පැවසුවේ, "2024 ජනවාරි මාසයේ 31 වන දින දක්වා ගත්තොත්, ඊට අදාළ අද දිනයේදී සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර කොමසාරිස්වරුන් සමඟ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, සමාජික මහත්මීන් සහ නිලධාරී මණ්ඩලය සාකච්ඡාවක් පවත්වන ලදී" යනුවෙනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3480149861217992545

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item