මිනිස් ඇටකටු තොගයක් බහලු උරයක් මාවනැල්ල හිගුල් ඔයෙන් හමුවෙයි
මාවනැල්ල හිඟුල් ඔය ඉවුරේ අද (08) මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් තොගයක් හමුවී තිබේ. මෙම අස්ථි කොටස් බෑගයක බහා තිබූ අතර, ...

මාවනැල්ල හිඟුල් ඔය ඉවුරේ අද (08) මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් තොගයක් හමුවී තිබේ. මෙම අස්ථි කොටස් බෑගයක බහා තිබූ අතර, එහි හිස් කබල් දෙකක් සහ සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් ද තිබුණු බව මාවනැල්ල පොලීසිය පැවසීය.
ප්‍රදේශයේ පුද්ගලයෙක් ඔයට දෙසට ගිය අවස්ථාවේ මෙම අස්ථි කොටස් බහා තිබූ උරය හමුවී, එය පොලීසියට දන්වා තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරින් ස්ථානීය පරික්ෂණ පවත්වන අතර, මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කලුආරච්චි මහතාගේ නියෝග මත අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විමර්ශන පවත්වති.
හිස්කබල් දෙක සහ ශරීර කොටස් කෑගල්ල ශික්ෂණ රෝහලට රැගෙන යාමට මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
Related