නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒවා නම්, නව විෂය නිර්දේශයක් හඳුන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒවා නම්, නව විෂය නිර්දේශයක් හඳුන්වාදීම, මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ නිසි තක්සේරුව හා ඇගයීම් ක්‍රමවේදයන් හඳුන්වාදීම යන කරුණු ය. මෙම ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී ප්‍රථමයෙන් පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් හඳුන්වාදීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනුකමිටු හයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී. මෙම අනුකමිටු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ඌනතාවය, පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් ඇතුළත් කර ගැනීම, අධ්‍යාපන සභාව පිහිටුවීම, උසස් අධ්‍යාපන අංශය සහ නිපුණතා අධ්‍යාපන අංශය වශයෙන් කටයුතු කරනු ඇත. ජාතික හා පළාත් මට්ටමේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී සාකච්ඡා කරන ලදී.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු දෙමින්, පාසල් අතර විෂමතා අවම කිරීම, පාසල්වල යටිතල පහසුකම් වර්ධනය සඳහා භෞතික පරීක්ෂාවක් සිදු කිරීම, දැනට අත්හිටුවා ඇති ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ පාසල්වල අනාරක්ෂිත පරිශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් අධ්‍යාපන සඳහා වෙන් කරන ලද මුල්‍යමය ප්‍රතිපාදන ප්‍රමුඛ කොට යොදවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Related