සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

එමෙන්ම, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. මෙම තීරණය...

සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා

එමෙන්ම, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය. මෙම තීරණය පිළිබඳව ඔහු විමසිලිමත් වන අතර, එයට හේතුව පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

අධ්‍යාපන උපකරණ සඳහා වැට් බදු ඉවත් කරන බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර ඇති නමුත්, එය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද විපක්ෂ නායකවරයා විවේචන කළේය. "එදා දවසේ කියූ දේවල් අද ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලූ විට ලොකු පරස්පරතාවයක් තියෙනවා" යැයි ඔහු පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අමතර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් අරඹා ලොව ධනමතුන් සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවය ඔහු ඉස්මතු කළේය. රජයෙන් වෙන් කරන මුදල් පමණක් ගැන කතා කිරීමෙන් ඵලක් නැති බවද ඔහු අවධාරණය කළේය.

පාසල් උපකරණ සඳහා වැට් බදු ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රමාද වී ඇති බවත්, රැකියා විරහිත උපාධිධාරීන් 35,000 සිට 40,000 දක්වා පමණ සිටින බවත් ඔහු පැවසීය. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ උපාධිධාරීන් 35,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ යෝජනාවක් ඇති නමුත්, අයවැය කතාවෙන් එවැනි දෙයක් සඳහන් නොවීම පිළිබඳවද ඔහු විවේචන කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4770150428682468741

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item