ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය - ත්‍රීවිල් එකේ 9ක් ගිහින්

මියගිය තුන්දෙනාගෙන් දෙදෙනෙක් වයස අවුරුදු 32 සහ 36 වන අය වන අතර, තුන්වැන්නා වයස අවුරුදු එකක් වන කුඩා දැරියකි. ඔවුන් මිනුවන්ගොඩ සහ රාගම ප්‍ර...

ජීවිත තුනක් බිලිගත් මාදම්පේ ඛේදවාචකය - ත්‍රීවිල් එකේ 9ක් ගිහින්

මියගිය තුන්දෙනාගෙන් දෙදෙනෙක් වයස අවුරුදු 32 සහ 36 වන අය වන අතර, තුන්වැන්නා වයස අවුරුදු එකක් වන කුඩා දැරියකි. ඔවුන් මිනුවන්ගොඩ සහ රාගම ප්‍රදේශවල පදිංචිකාරු විය.

අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු ඇතුළු තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහුණු දරුවන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (09) පස්වරුවේ තලවිල සාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වී නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7009891909393241619

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item