වන අලියාගේ පහරින් ධීවරයා මරුට
කිරින්ද, අදගලවැල්ල, අබලන් සපත්තු බෝක්කූව අසලදී වන අලියෙකුගේ පහරකින් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය වාර්තා කරයි. මෙම සිදුවී...

https://www.sathhanda.com/2025/03/blog-post_765.html
කිරින්ද, අදගලවැල්ල, අබලන් සපත්තු බෝක්කූව අසලදී වන අලියෙකුගේ පහරකින් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කිරින්ද පොලිසිය වාර්තා කරයි. මෙම සිදුවීම සිදුවූයේ අද (10) අලුයම ය.
ධීවරයා මාගම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට ධීවර රැකියාවේ යෙදීමට කිරින්ද ධීවර වරායට පාපැදියකින් පැමිණෙමින් සිටියදී වන අලියා පහර දී ඇති බව පොලිසිය පැහැදිලි කරයි.
මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාගම, පට්ටියවෙල යාය ලිපිනයේ පදිංචිව සිටි සිංගක්කාර ගණිතගේ ගුණතිලක නමැති 55 හැවිරිදි ධීවරයා ය.
ජීවිතක්ෂයට පත් ධීවරයාගේ දේහය දෙබරවැව මූලික රෝහලට රැගෙන යාමට ගෙන ඇති බවද පොලිසිය වාර්තා කරයි.
Related