බසයකින් ඇඳවැටී අයෙක් මරුට
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ බසය රුවන්...

https://www.sathhanda.com/2025/03/blog-post_116.html
රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ බසය රුවන්වැල්ල සිට දන්නෝරුව දෙසට ධාවනය වන අවස්ථාවේදීය.
ඊයේ (10) සිදුවූ මෙම අනතුරින් මියගිය පුද්ගලයා හුඹස්වලාන ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කරයි.
විමර්ශණවලදී අනාවරණය වූයේ, බසයේ ගමන් කරද්දී මියගිය පුද්ගලයාට හදිසියේ අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී සිටි බවයි. එම අවස්ථාවේදීම ඔහු පාපුවරුවෙන් ඇඳ වැටී ඇති බවත් පොලීසිය පැහැදිලි කරයි.
Related