කැනඩාවේ නායකත්වය හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට

පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී, ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින් මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්...

කැනඩාවේ නායකත්වය හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට

පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී, ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින් මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බව සඳහන් වේ.

ජයග්‍රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පලකර ඇත. ඔහු පවසා ඇත්තේ, "අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා," "ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක," "අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත," යනුවෙනි.

මේ අතර, හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය. 2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී දේශපාන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5141824383426525700

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item