කෝටි 17 හමාරක් වටින හෂීෂ් තොගයක් සමග විදෙස් තරුණිය අත්අඩංගුවට
අත්අඩංගුවට ගන්නා ලද තරුණිය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂකවරියකි. ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙ...

අත්අඩංගුවට ගන්නා ලද තරුණිය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂකවරියකි. ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවරට පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
Related