‘හෂිෂ්‘ සමඟ විදෙස් තරුණිය ගුවන්තොටේදී මාට්ටු
රුපියල් මිලියන 175 කට වැඩි වටිනාකමකින් යුත් "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ග...

රුපියල් මිලියන 175 කට වැඩි වටිනාකමකින් යුත් "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර, මෙය ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාවයි. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට අබුඩාබි නගරයට පැමිණ, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඇය රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03 ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17.573 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීම රේගු නිලධාරීන්ගේ සැලකිල්ලට ලක්වූ අතර, තවදුරටත් පරීක්ෂණ සහ විමර්ශන කටයුතු පවත්වා ගෙන යනු ලැබේ.
Related