අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ - ඇමති කියයි

මෙම රැස්වීමේදී, කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසීම් කළහ. ඊට ප්‍රතිචාර වශයෙන්, අමාත්‍යවරයා සඳහන් ...

අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ - ඇමති කියයි

මෙම රැස්වීමේදී, කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසීම් කළහ. ඊට ප්‍රතිචාර වශයෙන්, අමාත්‍යවරයා සඳහන් කළේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි වීම නිසා එය නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවයි.

එම අවස්ථාවේදී, ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණි. මේ අනුව, ආයෝජන මණ්ඩලය විසින් අමාත්‍යාංශය දැනුවත් කර ඇත.

නමුත්, සුළං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමග බැවින්, එම ආයතනය දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ලිපිය යවා සති දෙකක් ඇතුළත පිළිතුරක් අපේක්ෂිත බවයි. එම කාලය තුළ සෘණාත්මක පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමු වන බවත්, ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘතිවලදී රජයන් අතර ගිවිසුම් හා තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2070104082700921731

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item