විදුහල්පති ඉදිරියේම ගුරුවරියකට පහර දීලා
ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇති බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රීනී චතුරි ගංගානි මහත්මිය පාර...
https://www.sathhanda.com/2025/03/blog-post_29.html

ඇඹිලිපිටිය හල්මිල්ල විද්‍යාලයේ ගුරුවරියකට එම පාසලේම ගුරුවරයකු විසින් පහර දී ඇති බව මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රීනී චතුරි ගංගානි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මෙම පහරදීම පාසලේ විදුහල්පති ඉදිරියේදීම සිදුවූ බව මන්ත්‍රීවරිය පැවසුවාය. එම ගුරුවරිය මේ වන විට ලොග් සටහනක් දමා රෝහල්ගතව සිටින බවත් ඇය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බව පැවසුවාය. විමර්ශනවල ප්‍රගතිය ලබා ගන්නා තෙක් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන බවද ඇය ප්‍රකාශ කළාය.


Related