පොලීසියට අල්ලස් දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි. සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් ලෙස න...

පොලීසියට අල්ලස් දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි. සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් ලෙස නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඔවුන් ඊයේ (6) පස්වරු 4ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී සහ පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසලදී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4633845508551780114

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item