සිඟිත්තිය අනාරක්ෂිත වැසිකිළි වළට බිලි

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ සාදාගෙන යමින් පවතින අනාරක්ෂිත වැසිකිලි වළකට වැටී අවුරුද්දයි මාස තුනක බිළිදියක මරණයට පත්ව ඇති බව ආරච්චික...

සිඟිත්තිය අනාරක්ෂිත වැසිකිළි වළට බිලි

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ සාදාගෙන යමින් පවතින අනාරක්ෂිත වැසිකිලි වළකට වැටී අවුරුද්දයි මාස තුනක බිළිදියක මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. මෙම අනාරක්ෂිත වැසිකිලි වළකට වැටී මිය ගිය දරුවා ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ පදිංචි තේනාහංදිගේ විනුකි හංසිමා නම් අවුරුද්දයි මාස තුනක දැරියකි.

ඊයේ (06) සවස මරණයට පත්වූ දැරියගේ පියා නිවසේ සිට නොසිටි අතර, මව අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී දැරිය සමග ඇයගේ වැඩිමහල් සහෝදරියත් සහෝදරයත් සෙල්ලම් කරමින් සිටියහ. මව විනාඩි 10කට පමණ නැවත නිවස තුළට පැමිණීමේදී තම දියණිය අනෙකුත් දරුවන් සමග නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී වැසිකිලි වළට වැටී එහි පිරී තිබූ වතුරේ උඩ යට වී සිටිනු දුටුවාය.

මව වහාම දරුවා ගොඩට ගෙන, අසල් වාසීන්ගේ උදව් ඇතිව ආනවිලුන්දාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවත්, ඇය සිය කට උත්තරයේදී ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, දැරිය රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම අනාරක්ෂිත වැසිකිලි වළ නිසා සිදුවූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව ප්‍රදේශයේ පවතින ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය බව පැහැදිලිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4069997571246418483

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item