ගිනි අවි -උණ්ඩ කඩුවෙළ ළිඳකින් එළියට
කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ ගිනි අවි 3 ක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 16 ක් කඩුවෙල පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ආයුධ අපරාධයක් සඳහා...

කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ළිඳක සඟවා තිබූ ගිනි අවි 3 ක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 16 ක් කඩුවෙල පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ආයුධ අපරාධයක් සඳහා සඟවා තබා ඇතැයි සැක කෙරේ.
පොලිස් විශේෂ බුද්ධි ඒකකයෙන් ලැබුණු තොරතුරු මත, කඩුවෙල පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ආයුධ සහ උණ්ඩ සොයාගෙන ඇත. මෙතෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත.
අපරාධකරුවන් සතුව ඇති ගිනි අවි පොලිස් භාරයට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යටතේ, බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් පරිදි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.
Related