තේ පාලන පනත සංශෝධනයට

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. 1957 අංක 51 දරන තේ පාලන පනතට පහත සඳහන් කරුණු ඇතුළත් කරමින් සංශෝධනය කිරීම සඳහා ...

තේ පාලන පනත සංශෝධනයට

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. 1957 අංක 51 දරන තේ පාලන පනතට පහත සඳහන් කරුණු ඇතුළත් කරමින් සංශෝධනය කිරීම සඳහා 2021 ජනවාරි 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයේදී වර්ග කිරීමෙන් අනතුරුව බැහැර කරනු ලබන තේ සඳහා "ප්‍රතිසැකසුම් තේ" (Reclaimable Tea) ලෙස නිර්වචනයක් හඳුන්වා දීම ඇතුළත් වේ. මීට අමතරව, ප්‍රතිසැකසුම් තේ වලින් තවදුරටත් නිමි තේ නිස්සාරණය කළ පසු ඉතිරි වන කොටස "ප්‍රතික්ෂේපිත තේ" (Refuse Tea) ලෙස නම් කිරීමට යෝජනා වී ඇත.

තවද, තේ සැකසුම්කරුවන් (Tea Processors) ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළු ඔවුන්ට බලපාන අනෙකුත් නෛතික ප්‍රතිපාදන ඇතුළත් කිරීමට ද අනුමැතිය ලබා දී ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. ඒ අනුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩි නමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති අනුමැතිය ලබා ගෙන ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7002593852152193516

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item