දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ...

දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ. 

දේශබන්දු තෙන්නකොන් මහතාගේ ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට පොලිස් මූලස්ථානයෙන් ලිපියක් යවා ඇති බව පැවැසේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට නිල නිවාසයක්, නිල මෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයෙන් නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණි.

වැලිගමදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් තැබූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් එවකට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවද පැවැසේ.

මේවන විට දේශබන්දු තෙන්නකොන් මහතාගේ ජංගම දුරකථන තොරතුරු සහ රැඳී සිටින ස්ථාන පිළිබඳව පරික්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

කෙසේ වෙතත්, දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණයට බාර වේයැයි සිතා දින කීපයක් තිස්සේ මාධ්‍යවේදීන් රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැඳී සිටි බවද ආරංචි මාර්ග පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4654215685900456966

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item