වාහන ආනයනකරුවන්ට තියෙන කොන්දේසි

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව ම...

වාහන ආනයනකරුවන්ට තියෙන කොන්දේසි

ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ.

කෙසේ වෙතත්, පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍යනම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි අතර, ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පැහැදිලි කරයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය එහිදී මෙලෙස අදහස් පළ කළාය: "2020 දී වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. තාවකාලිකව නවත්වා තිබූ එම තත්ත්වය අත්හිටුවීම සඳහා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති අතර, මහ බැංකුවේ නිරීක්ෂණ යටතේ මෙම පියවර ගෙන ඇත.

HS කෝඩ් 304ක් යටතේ වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවසර දී ඇත. කෙසේ වෙතත්, යම් කොන්දේසි වලට යටත්ව මෙම වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එසේ ලියාපදිංචි නොකළහොත්, CIF වටිනාකමෙන් 3%ක දඩ මුදලකට යටත් වන අතර, උපරිමයෙන් 45%ක දඩ මුදලක් අය කරනු ලැබේ. එමෙන්ම, මාස 6ක් ඇතුළත ආනයනය කරන ලද වාහනවලින් 25%ක් ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවනු ලැබේ."




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4580134356632186361

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item