වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කරයි

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වීමටත්, උප පොලිස් පරීක්ෂ...

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කරයි

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වීමටත්, උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමටත් හේතු විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

කෙසේවෙතත්, මෙම වැඩ තහනම් නිවේදනය අද සවස 6.00 වන තෙක් වැලිගම මූලස්ථාන පොලීසිය වෙත නිල වශයෙන් ලැබී නොතිබුණි.

මෙම ආරංචිය ලැබීමෙන් පසු, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා “තමාට අසනීප බැවින් ප්‍රතිකාර ගැනීමට පොලිස් ස්ථානයෙන් බැහැරව යමි” යන සටහනක් යොදමින්, සිය පුද්ගලික බඩු භාණ්ඩ රැගෙන නික්ම ගිය බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි.

මෙම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් විමසූ විට, ඔහු කියා සිටියේ මෙම තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසා ගත යුතු බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7615299559406586727

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item