මහාචාර්ය යුවළගෙන් ලක්ෂ 50ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු

බම්බලපිටිය පොලිසිය විසින් වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලත...

මහාචාර්ය යුවළගෙන් ලක්ෂ 50ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු

බම්බලපිටිය පොලිසිය විසින් වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වාර්තාවලට අනුව, එම සැකකරු මෙම මුදලින් ලක්ෂ කීපයක් වියදම් කර සුඛෝපභෝගී ඇඳක්, රෙදි සෝදන යන්ත්‍රයක්, ශීතකරණයක් සහ වෙනත් විදුලි උපකරණ රැසක් මිලදී ගෙන තිබේ. මෙම ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

මහාචාර්යවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වන අතර, ඔහුගේ බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරියකි. මහාචාර්යවරයාගේ වයස අවුරුදු 88 කි.

මෙම සිද්ධිය අනුව, පලතුරු වෙළෙන්දා විසින් මහාචාර්ය යුවළට මරණීය තර්ජනය කර මුදල් අයකර ගත් බව පොලිසිය වාර්තා කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3265423482548825841

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item