නිල් මහ සටනේ ජය තෝමස් විද්‍යාලය ට

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන 146වැනි නිල් මහ සටනේදී, පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක්...

නිල් මහ සටනේ ජය තෝමස් විද්‍යාලය ට

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන 146වැනි නිල් මහ සටනේදී, පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302කි.

ලකුණු 17ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමිනි.

සුපිරි පන්දුයැවීමක නිරත වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩේරියන් දියේගෝ අද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර, ඔහු ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තේය. ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය 3වැ නි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී නිල් මහ සටන ජය ගැනීමට සමත් විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6577187458883358238

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item