සුරා බද්ද ඉහළ දැමීමේ යෝජනාවට මුදල් කාරක සභාවේ අනුමැතිය
සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. මෙම තීරණය පසුගිය 06 වනදා පා...

සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත. මෙම තීරණය පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ගන්නා ලදී. මෙම සභාව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.
මෙම සභාවේදී, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3වැනි වගන්තිය යටතේ නියමයක් සහ (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22වැනි වගන්තිය යටතේ අංක 01/2025 සුරාබදු නිවේදනය සලකා බැලිණි. මෙම යෝජනාවලට අනුව, මෝටර් රථ, දුම්වැටි, පැනි බීම සහ දුම්කොළ ඇතුළු නිෂ්පාදන මත වන බද්ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇත. එමෙන්ම, මත්පැන් වර්ග මත වන සුරා බද්ද ද 5.9% කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව නිලධාරීන් විසින් කාරක සභාවට දැන්විණි.
සභාපතිවරයා මෙම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින්, දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීම සඳහා නිශ්චිත දත්ත නොමැති බවත්, එම තීරණය සාධාරණීකරණය කිරීමක් අවශ්‍ය බවත් පැවසුවේය. එමෙන්ම, මෙම බදු වැඩිවීම ඔස්සේ රජයට ලැබෙන අදායම අඩු වන අතර, නිෂ්පාදන සමාගම්වලට ලැබෙන ලාභය වර්ධනය වී ඇති බව අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇති බව ඔහු සඳහන් කළේය. එම නිසා, මෙම බදු පැනවීමෙන් රජයට ලැබෙන ලාභ පිළිබඳව කාරක සභාවට සහතික කිරීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
මීළඟ කාරක සභාව රැස්වන දිනයේදී, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ පැහැදිලි කිරීම් වලින් අනතුරුව නිෂ්පාදන බද්ද වැඩි කිරීම සඳහා වූ යෝජනාව නැවත සලකා බැලීමට සභාපතිවරයා තීරණය කළේය. එමෙන්ම, මත්පැන් වර්ග මත වන සුරා බද්ද ඉහළ දැමීම පිළිබඳ යෝජනාව කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.
මෙම තීරණය පිළිබඳව මන්ත්‍රීවරුන් අදහස් දක්වමින්, බදු වැඩිවීම නිසා පුද්ගලයින් නීති විරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය කරා යොමුවීමේ අවධානම පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු කළහ. ඊට පිළිතුරු දුන් නිලධාරීහු, නීති විරෝධී මත්පැන් වැටලීම් විධිමත් අයුරින් සිදුවන බවත්, මේ වසරේ මාස දෙක තුළ මත්පැන් නිෂ්පාදනය 22% සහ අදායම 23% වර්ධනය වී ඇති බවත් පැවසූහ. එමෙන්ම, නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට ද සැළසුම් කර ඇති බව ඔවුන් පැවසුවේය.
තවද, 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 112 වගන්තිය යටතේ නියෝග කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී. මෙමගින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) වැඩිවූ වියදම් සපුරාලීම සඳහා වාර්ෂික ගාස්තුව රක්ෂණ ව්‍යාපාරවල දළ ලිඛිත වාරිකයෙන් 0.125% සිට 0.
Related