මාර අලියෙක් කැකිරාවේ
කැකිරාව ප්‍රදේශයේ රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරන, විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළ...

කැකිරාව ප්‍රදේශයේ රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරන, විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළිබඳව වාර්තා වේ. මෙම වන අලියා කලහකාරී ලෙස හැසිරෙන බව ප්‍රදේශවාසීහු පවසති.
ඉකුත් දිනෙක රාත්‍රියේ, මෙම වන අලියා කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය ප්‍රදේශයේ නිවෙසකට පැමිණ එම නිවෙසේ දොරට තට්ටු කර ඇත. නිවැසියන් දොර විවෘත නොකිරීම නිසා, අලියා දොරට පහර දී කඩා දමා ඇත. රාත්‍රියේ සිය නිවෙසේ ප්‍රධාන දොරට කිසිවකු තට්ටු කරන බව ඇසූ නිවැසියන් ජනේලයකින් එබී බලන විට, නිවෙසට පැමිණ ඇත්තේ වන අලියකු බව දැන ගෙන ඇත.
මෙම සිදුවීම නිසා කලබලයට පත්වූ නිවැසියන් නිවෙසේ කාමරයක් තුළ සැගවී සිටියහ. සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි වන අලියා, පසුව එම දොරට පහර දී කඩා බිඳ දමා ඇත. එමගින් දොර අගුලේ කොටසක් ද රැගෙන, කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් ඇත. මීට අමතරව, දොර කඩා දැමූ වන අලියා එම නිවෙස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවකට ද හානි කර ඇත.
මෙම සිදුවීම් නිසා ප්‍රදේශවාසීන් අතර බිය ඇති වී ඇති අතර, වන අලියන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීමට ඔවුන් උත්සාහ දරයි.
Related