කළුතර ප්‍රා:සභාවේ හිටපු උප සභාපති ඇතුළු 7ක් අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙම සිද්ධිය පාසල් සිසුන් පිරිසක්...

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙම සිද්ධිය පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර පසුගිය රජයන් ගණනාවකදී අමාත්‍ය තනතුරු දැරූ හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද, කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකුද සිටින බව පොලිසිය වාර්තා කරයි.

කළුතර ප්‍රධාන පාසලක සිසුන් පිරිසක් අතර නාගස් හන්දිය ගාලුපාරේ පෙරේදා දහවල් ගැටුමක් සිදුව ඇත. මෙම ගැටුම සමනය කිරීමට යාමෙන් පසු සැකකාර හිටපු අමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස පහරදීමට මැදිහත්ව ඇති බව වාර්තා වේ.

මෙම පහරදීම හේතුවෙන් 10 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සැකකාර හිටපු උප සභාපතිවරයාද පහරදීමකට ලක්ව ඇති අතර, ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සෙසු සැකකරුවන් හය දෙනා පොලිස් ඇප මත මුදා හැරී ඇති බවද සඳහන් වේ. මෙම සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම පරීක්ෂණ කටයුතු කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි සිදුකරනු ලබයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2061855099571865972

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item