රියැදුරයි - කොන්දයි බීමතින් නිදි:මගීහු පොලිස් ජිප් රියෙන් යති

වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කිරීමට නියමිත බස් රථයේ රියැදුරු සහ රිය සහායකයා මත්පැන් පානය කර මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා ...

රියැදුරයි - කොන්දයි බීමතින් නිදි:මගීහු පොලිස් ජිප් රියෙන් යති

වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කිරීමට නියමිත බස් රථයේ රියැදුරු සහ රිය සහායකයා මත්පැන් පානය කර මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා, එම බස් රථයේ ගමන් කිරීමට සිටි මගීන් පොලිසියේ ජීප් රථයකින් රැගෙන යාමට අද සවස කටයුතු කරන ලදී.

ගල්කන්ද ප්‍රදේශයට යාමට වෙනත් කිසිදු බස් රථයක් නොමැති නිසා, මගීන්ට යාමට තිබූ එකම බස් රථය මෙය විය. මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද දක්වා සවස 2.30ට පිටත් වීමට නියමිතව තිබුණි.

රියැදුරු සහ බස් රථයේ කොන්දොස්තරවරයා කිසියම් දෙයක් පානය කිරීම නිසා මත්වී නිදා සිටි බවත්, මේ හේතුවෙන් මගීන්ට එම ප්‍රදේශයට යාමට හෝ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බවත් පොලිසිය පැවසීය.

අනතුරුව, කැබ්රථයක් මගින් සිසුන් ඇතුළු මගීන් 25 දෙනෙකු වැලිකන්ද, ගල්කන්ද සහ කුඩාපොකුණ ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කරන ලදී.

මේ වනවිට බස් රථය වැලිකන්ද බස් නැවතුම්පොලේ ගාල් කර තිබෙන අතර, කොන්දොස්තරවරයා විවේකාගාරය තුළ බීමතින් තවමත් වැටී සිටින බව පොලිසිය සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7268559808855094082

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item