කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි
කාබනික නිෂ්පාදන නියාමනය සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වී ඇත. වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන...


කාබනික නිෂ්පාදන නියාමනය සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මැදිහත් වී ඇත. වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළඳපොල තුළ පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරන ලදී. එමෙන්ම, වෙළඳපොල තුළ පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන සහතිකකරණය, නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීම, අපනයන වෙළඳපොල ප්‍රවර්ධනය කිරීම සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තහවුරු කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව හරහා කාබනික නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අධිකාරිය කටයුතු කරන බව පැහැදිලි විය. මෙම පියවර අනුගමනය කිරීමෙන් පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක කාබනික නිෂ්පාදන ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Related