නිෂ්පාදන සමාගමක සත්ත්ව ආහාර තොගයක් විනාශ කිරීමට නියෝගයක්

බිංගිරිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක තිබූ සත්ත්ව ආහාර කිලෝ 13,000ක් විනාශ කිරීමට හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ...

නිෂ්පාදන සමාගමක සත්ත්ව ආහාර තොගයක් විනාශ කිරීමට නියෝගයක්

බිංගිරිය ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක තිබූ සත්ත්ව ආහාර කිලෝ 13,000ක් විනාශ කිරීමට හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කුරුණෑගල, බිංගිරිය ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතනයක් විසින් කල් ඉකුත් වීම හේතුවෙන් වෙළදපොලෙන් ඉවත්කරනු ලබන සත්ත්ව ආහාර, නව සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී නැවත භාවිත කරමින් ඒවාට එකතුකරන බවට පාර්භෝගික අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව, එම අධිකාරියේ නිලධාරීන් විසින් පසුගිය මස 27 වැනි දින එම නිෂ්පාදන ආයතනය පරීක්ෂාකරන ලද අතර, එහිදී කල් ඉකුත්වීම හේතුවෙන් වෙළදපොලෙන් ආපසු කැදවන ලද සත්ව ආහාර කිලෝග්‍රෑම් 13,500 පමණ ප්‍රමාණයක් නිලධාරීන් විසින් තම භාරයට ගනු ලැබීය.

කල් ඉකුත් නොවූ භාණ්ඩ සමග මෙම තොගය පවත්වාගන යාම සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමටද එම අධිකාරිය පියවර ගෙන තිබුණි.

අදාළ විමර්ශනවලින් පසුව කල් ඉකුත් වූ සත්ව ආහාර, සත්ව ආහාර නිෂ්පාදනාගාරයක් තුළ අනෙකුත් භාණ්ඩ සමග එක්ව ගබඩාකිරීම සම්බන්ධව අදාළ ආයතනයට එරෙහිව ඊයේ (06) දින හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරනු ලැබීය.

එහිදී අදාළ ආයතනය වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර අදාළ කල් ඉකුත් වූ සත්ත්ව ආහාර තොගය අධිකරණයේ සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5511611196705449091

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item