වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දහසක් හදන තැනක් හදයි
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම් කඩිනමින් සකස් කරන ලෙ...

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ලක්ෂ 280 ක මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහල ඖෂධ ගබඩාවකට සරිලන පරිදි ඉදිකර ඇති අතර, පළමු මහල දේශන ශාලාවකට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇත. දේශණ ශාලාව තුළ එකවර 200 කට පහසුවෙන් දේශණවලට සවන්දීමේ හැකියාව පවතී.
මෙම ව්‍යාපෘතිය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ පුහුණුව හා සේවාවල ඵලදායීතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
Related