වැසිකිලි වලකට වැටි සිඟිත්තියක් මියයයි

ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මෙම දරුවා සිය වැඩිමල් සහෝදරිය සහ සහෝදරයා සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සි...

වැසිකිලි වලකට වැටි සිඟිත්තියක් මියයයි

ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මෙම දරුවා සිය වැඩිමල් සහෝදරිය සහ සහෝදරයා සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සිටි අතරතුර, මව නිවස අසල පිහිටි වැසිකිලියට ගොස් ඇත. දරුවා මව පසුපස ගොස් ඇති අතර, එහිදී ඇය අනාරක්ෂිතව ඉදිකර තිබූ වැසිකිලි වලට වැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මද වේලාවකට පසුව දරුවා නිවසේ නොමැති බව දැනගත් මව, අසල්වාසීන්ගේ සහාය ඇතිව තම කුඩා දියණිය සොයා ඇත. එහිදී දරුවා වැසිකිලි වලට වැටී ඇති බව දැක ඇත. ඔවුන් පදිංචිව සිටින නිවසට අඩි 3ක් පමණ දුරින් මෙම අනාරක්ෂිත වැසිකිලි වල පිහිටා ඇත. පසුගිය දින කීපයේ පැවති වර්ෂාව හේතුවෙන් එම වල ජලයෙන් පිරී තිබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. පවතින ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙම පවුලට නිවස සහ වැසිකිලිය නිසි ලෙස සෑදීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2705890287047317933

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item